කෝටි 6500ක පොල්ලක් තිබ්බට ලංවිමට ණයට තෙල් නෑ

විදුලිය නිෂ්පාදනය සඳහා විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ණයට ඉන්ධන ලබානොදෙන බවත් තෙල් ලබාදෙන මොහොතේම මුදල් ගෙවිය යුතු බවත් තෙල් සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට දන්වා යවා ඇත.

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම හේතුවෙන් රුපියල් කෝටි 6500 ණය ප්‍රමාණයක් අය කර ගත යුතුව ඇති බවත් තෙල් සංස්ථාව වෙළෙඳ ආයතනයක් බැවින් දිගටම ණය මත ඉන්ධන ලබාදිය නොහැකි බවත් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn