ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවල වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සමන්විත සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ 08 වන සමුළුව අද (24) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහතා ඇතුළු තවත් වෘත්තීය සමිති නායකයින් සහභාගී වූ අතර සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගී විය.
2010, 2011 වසරවලදී ශිෂ්‍යත්ව විභාගය, අපොස සා/පෙළ හා උ/පෙළ විභාගය සමත් බැංකු සේවකයින්ගේ දූ දරුවන් වෙත සමිතිය මගින් ත්‍යාග ලබාදුන් අතර පසුගිය වසරේදී විශ්‍රාම ගිය තම සංගමයේ සාමාජිකයින් වෙතද ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුකෙරිණි.










Views: 0









