මාතලේ රෝහල් භූමියෙන් මතු වූ මිනිස් ඇට සැකිලි 154 පිළිබඳ 2012 නොවැම්බර් 26 සිට 2013 පෙබරවාරි 16 දක්වා කරන ලද ජීව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක පර්යේෂණ වාර්තා දෙක මාර්තු 28 වන දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුතුමිය වන චතුරිකා ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.
මාතලේ දිසා රෝහලේ අධිකරණ කටයුතු පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන හා කැලණි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව යන විද්වතුන් විසින් මේ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
මෙතෙක් ලංකාව තුළ හමු වූ සූරියකන්ද වැනි සමූහ අබිරහස් ඇට සැකිලි ගැන පවා සිදු නොකළ ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන බව එම විද්වතුන් දෙපළ පවසති.
අධිකරණය ගන්නා තීරණය අනුව සමහර විට මෙහි වැඩිදුර පරීක්ෂණ විදෙස් රටක සිදු කිරීමට ඉඩ ඇති බවද ඔවුහු විශ්වාසය පළ කරති.
මේ අතර මෙහී පරීක්ෂණ වාර්ථා සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි.









