එජාප නියෝජ්‍ය නායක හලයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර පක්ෂ ව්‍යවස්ථාවෙන්ම ඉවත් කිරීමට වූ යෝජනාවක් නොදුරේදීම පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පක්ෂ ‍‍අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.

එම යෝජනාව එජාප ජ්‍යෙෂ්ඨයන් විසින් පක්ෂ නායකත්වට කරනලදක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසේ.

එම යෝජනාවත් සමගම එක්සත් ජාතික පක්ෂ උපනායක තනතුරද අහෝසිවනු ඇතැයිද එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

හිටපු එජාප නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන පක්ෂ නායකත්වයට පත්ව කටයුතු කරද්දී පැවැති පක්ෂ මහ ‍ලේකම්, සභාපති හා භාණ්ඩාගාරික යන තනතුරු පමණක් පවත්වාගෙන යාම සුදුසුයැයි සඳහන් යෝජනාවක්ද එම කෘත්‍යාධිකාරී මණ්ඩලයට රැස්වීමටම ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසේ.

Facebook
Twitter
LinkedIn