රටේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරමින් ආණ්‌ඩුව ප්‍රමාද වී හෝ යහපාලනයකට යොමු වුවහොත් ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති අභියෝග ජයගත හැකි බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සතිඅන්ත පුවත් පතකට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටී.
යුද්ධයෙන් පසු මානව හිමිකම් උල්ලංඝනය කරමින් ආණ්‌ඩුව ගෙන ගිය හිතුවක්‌කාරී පාලනය නිසා මේ වනවිට රට අර්බුද රැසකට තල්ලු කර තිබෙන බවට ඒ මහතා චෝදනා කරයි.
ආණ්‌ඩුවේ ඒකාධිපති ගමන නතර කිරීමට දැන් කාලය එළඹ ඇති බවත් ආණ්‌ඩුවේ වත්මන් ගමන වෙනස් නොකළොත් ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවත් පවසා තිබේ.
Views: 0









