ප්‍රතිඵල අවුලට ජනාධිපති සම්බන්ධබව ප්‍රචාරය කිරීම වහාම නවත්වන ලෙස මාධ්‍යයට නියෝග

 

උසස්පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත්කිරීමට ජනාධිපතිවරයා මැදිහත්වූ බව ප්‍රචාරය කිරීම වහාම නවත්වන ලෙස සියළුම මාධ්‍ය ආයතන වලටත් එවැනි අදහස් ප්‍රකාශ කිරීම වහාම නවත්වන ලෙස සියළුම මැති ඇමති වරුන්ටත් අරලියගහ මන්දිරයෙන් නියෝග ලැබී ඇත. ආරංචිමාර්ග සදහන් කරන ආකාරයට මෙය නියෝගයකට වඩා තර්ජනයක ස්වරූපය ගෙන තිබෙන බවද වාර්තා වේ.

”අතිගරු ජනාධිපතිතුමා අපි සියළුදෙනාම කැදවා ප්‍රතිඵල නිකුත්කිරීම ප්‍රමාදවීම ගැන අපිට බැන්නා” යනුවෙන් මුලින් ප්‍රකාශකලේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක මහතාය. ඔහු හෙළි කල ආකාරයට ජනාධිපතිවරයාගේ එම දෝශාරෝපනයෙන් පැය 24 ක් ඇතුලත ප්‍රතිඵල නිකුත්කිරීමේදී දැඩි විකෘති තත්වයන් ඇතිවී තිබේ. ඒ බව හෙළිවූ වහාම ප්‍රතිඵල නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුවෙන් අත්හිටුවන ලද අතර ‘නිවැරදිකල ප්‍රතිඵල’ යනුවෙන් හදුන්වමින් නැවත ප්‍රතිඵල නිකුත් කලේය. එහෙත් එම ප්‍රතිඵලද දැඩි විකෘතියක්ද වීතිබේ.

පසුව හෙළිවූ තොරතුරු අනුව විභාග කොමසාරිස් වරයා ප්‍රතිඵල නිකුත්කිරීමට පෙර නීතිපතිගේ උපදෙස් ලබාගෙන ඇත. එසේම විභාග දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධීව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂමට ලබාදී ඇත. මේ අතර ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධානලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වාදුන්නේ 2005 වසරේ සිට උසස්පෙළ විභාග ප්‍රතිඵල අක්‍රමිකතා වලට ලක්ව ඇති බවයි. මේ අනුව පැහැදිලි වන්නේ වත්මන් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාගේ කාලය තුළ දිගින් දිගටම විභාග ප්‍රතිඵල සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් විශ්වසනීයත්වය බිද දමා තිබේ.

මේ වන විට හෙලිවී ඇති තොරතුරු අනුව නිකුත්කරන ලද උසස්පෙළ ප්‍රතිඵල දැඩි දේශපාලන බලපෑම් මත නිකුත් කිරීමට යාමෙන් බරපතල විකෘතීන් සිදුව ඇත. එයට එරෙහිව ගොඩනැගුණු මහජන විරෝධයෙන් බේරීම සදහා ජනාධිපති වරයා ඉහත නියෝග ඇමතිවරුන්ට සහ මාධ්‍ය ආයතන වලට නිකුත්කර ඇත.

 

Facebook
Twitter
LinkedIn