මරදානේ දෙපිරිස අතර ගැටුමෙන් අයෙකු මරුට 4ක් රෝහලේ

මරදාන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදි තියුණු ආයුධයකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගිය බවයි.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකි.

සිද්ධියෙන් තුවාල ලැබු තවත් පුද්ගලයින් 4 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ රාත්‍රි මරදාන ටි.බි. ජයා මාවත ප්‍රදේශයේදි අදාළ ගැටුම හටගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn