සුනාමි විපතට පත් ඥාතීන් සිහිකිරීමට ගිය අයෙකු මහුදට බිලි

සුනාමි ව්‍යවසනයෙන් විපතට පත් සිය ඥාතීන් සිහිපත් කිරීම සඳහා තිරි‍ක්කෝවිල් ප්‍රදේශය වෙත පැමිණි මඩකළපුවේ පදිංචි 53 හැවිරිදි අයෙකු ති‍රික්කෝවිල් මුහුදු තීරයේ දී මුහුදට ගසාගෙන යාම හේතුවෙන් මියගොස් තිබේ.

ඊයේ (26) අලුයම 4.30 ට පමණ ඔහු රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය තිරි‍ක්කෝවිල් මුහුදු තීරයට ගොඩගසා තිබිය දී සොයාගෙන ඇත.

Facebook
Twitter
LinkedIn