බදු බරෙන්, බඩු මිලෙන් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහි ඔක්තොම්බර් 23 ජනතා විරෝධය මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ දිනවල විවිධ නගරවලදී පැවැත්වෙන අතර ඊයේ (16) නුගේගොඩ නගරයේ දී සහ කුරුණෑගල නගරයේදී ජනතාව දැනුවත් කෙරෙන අත් පත්රිකා බෙදීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරිණි.
නුගේගොඩ නගරයේ ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, මධ්යම කාරක සභික ලක්ෂ්මන් නිපුණ ආරච්චි, යන මහත්වරු සහ පළාත් පාලන නියෝජිතයින් රැසක් එක්වී සිටියහ.
කුරුණෑගෑල පැවති විරෝධතාවය සඳහා ජවිපෙ මධ්යම කාරක සභික, සමස්ත ලංකා ගොවිජන සම්මේලේනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ කුරුණෑගල ප්රාදේශීය සභා මන්ත්රී ධර්මප්රිය දිසානායක, කුරුණෑගල නාගරික මන්ත්රී රනුක සනංජය යන මහත්වරු ඇතුළු පළාත් පාලන නියෝජිතයින් රැසක් එක්වී සිටියහ.
නුගේගොඩ
කුරුණෑගල


















