ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරිමේ චෝදනාව එල්ල වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩතහනම් කිරීමට රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍යාංශය අද (17) ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කර ඇත.
එම නිර්දේශය සහිත ලිපිය අමත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර තිබේ.
එම ඝාතන සඳහා කුමන්ත‍්‍රනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම විමර්ශනයේ තොරතුරු අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කිරීමේ තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.
Views: 0










