මහින්ද පිලේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වූ නඩුව පැමිණිලි පාර්ශවයේ දුර්වල හා පරස්පර සාක්ෂි හේතුවෙන් ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදහස් කර අවසන් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (17) දින නියෝග කර තිබේ.
පැමිණිල්ලේ විභාගයට ගෙන අවසන් කෙරෙුණු සාක්ෂි ඔප්පු කිරීමට නොහැකි බව තහවුරු වීමෙන් පසුව අද යළි නඩුව කැඳවු අවස්ථාවේදී, පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධි බැවින් එහි විශ්වසනීයත්වයක් නැතැයි පවසා නඩුව අවසන් කරන ලෙස ඉල්ලමින් විත්තියේ නීතීඥයන් කළ ඉල්ලීමකට අනුව කරුණු සළකා බැලු මහෙස්ත්රාත්වරිය විත්තියේ සාක්ෂි නොකැඳවාම නඩුව අවසන් කිරීමට නියෝගය නිකුත් කකර ඇත.
ඒ අනුව ජොන්සටන් ප්රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර්, සතොස හිටපු සභාපති නලීන් ප්රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන් කරන ලෙස ජොන්ස්ටන් ප්රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්රතිස්ස මහතා පසුගිය 09 වැනිදා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය එදින අවසන් වී තිබිණි.
සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් භාණ්ඩ මිලදී ගෙන සාවද්ය පරිහරණය කිරිමේ චෝදනාව මත විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව ගොණු කර තිබිණි.








