අද (24) අළුයම මිද්දෙණිය, ජූලම්පිටිය ප‍්‍රදේශයේදී පොලිසිය හා ආයුධ සන්නද්ධ පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයන් දෙදෙනෙකු මරුණුවට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කරයි.
අපරාධ රැසකට සම්බන්ධ පිරිසක් පිළිබද ලැබුණු තොරතුරකට අනුව පොලීසිය විසින් කළ සෝදිසි මෙහෙයුමකදී මෙම වෙඩි හුවමාරුව සිදුවී ඇති අතර ආයුධ සන්නද්ධ පිරිස යුධ හමුදා ඇදුමට සමාන ඇදුමක් ඇද සිටි බවත් ඔවුන් සතුව තිබී ටී 56 වර්ගයේ ගිණි අවි 2 ක් සහ යතුරු පැදි 2 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසීය.
මේ පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කරන අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතින බව වාර්තා වේ.
7









