අල්ලේ සඟවාගෙන රැගෙන යා හැකි නවීන පන්නයේ ගිනි අවියක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු දෙමටගොඩ ගුවන් පාලම අසළ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අංගොඩ ලොක්කා සමඟ සබඳතා පවත්වන පුද්ගලයකු මෙම පුද්ගලයා ඇසුරු කරන බවටද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇතැයිද වාර්තා වේ.
මෙම ගිනි අවිය පාතාල ක්‍රියාකාරකම් සඳහා ලබා දුන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න කරන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
4









