පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු 232ක් අලුතින් මිලදී ගැනීමට සහ සභා ගර්භය සඳහා අලුතින් බිම ඇතිරිල්ලක් මිලදී ගැනීමටත් යෝජනා ඉදිරිපත් වී ඇතිබව වාර්තා වේ.
පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට භාවිතා කෙරෙන්නේ පාර්ලිමේන්තුව ඉදි කෙරුණු අවස්ථාවේ එහි සවි කෙරුණු පුටු බවත් සමහර පුටු මේ වනවිට බොහෝ සේ අබලන්වී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයම පුළුල් නවීකරණයකට ලක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් එහි පළමු අදියර යටතේ පාර්ලිමේන්තුවේ වැසිකිළි පද්ධතිය නවීකරණය කෙරෙන බවත් තව දුරටත් වාර්තා වේ.
පසුගියද බස්නාහිර පළාත් සභාවට පුටු ගෙන්වීමේදී අනාවරණය වූ කරුණු අනුව පාර්ලිමේන්තුවේ පුටුවට සමාන පුටුවක් බස්නාහිර පළාත් සභාවට ගෙන්වීමට යෝජනා වී තිබූ අතර එහි එක් පුටුවක වටිනාකම රුපියල් 640,000කි.
4










