චතුරගේ වෙඩින් එකේ තොරතුරු දූෂණ විරෝධී හඩ ඉල්ලයි

චතුරගේ වෙඩින් එකේ තොරතුරු දූෂණ විරෝධී හඩ ඉල්ලයි

අරලියගහ මැඳුරේ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්නගේ මංගල උත්සවයට අය කළ ගාස්තුව හා ආදායම කොපමණදැයි දන්වන ලෙස ඉල්ලා දූෂණ විරෝධී හඬ තොරතුරු දැනගැනීම පනත යටතේ විස්තර ඉල්ලා තිබේ.

අගමැති නිල නිවෙසක් විවාහ මංගල උත්සවයකට හෝ වෙනත් එවැනි උත්සවයකට කුලියට ලබා දෙන ප්‍රතිපත්තියක් තිබේ දැයි එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රශ්න කරයි.

එමෙන්ම එම විවාහ උත්සවයේම සියලු කටයුතු සිදු කර ගැනීමට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදාගෙන ඇති අතර එසේ රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීමද සම්පූර්ණ වැරැදි ක්‍රියාවක් බවත් මෙය මහජන මූල්‍ය අවභාවිතාවක් බවත් සමරසිංහ මහතා හෙළි කළේය.

ඒ අනුව අදාළ මංගල්‍යයට අය කරගත් මුදල, කෑම පිඟානකට අයකළ මිල, බිල්පත් ගෙව්වේ කවුද, ඒ කෙසේද සහ අගමැති නිල නිවෙසක් එසේ ලබා දෙන්නේ කෙසේද යන ප්‍රශ්නවලට කරුණු තමා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි බව හෙතෙම වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත් – මව්බිම

Facebook
Twitter
LinkedIn