ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරී සමාජිකයෙකු වූ එච්. එම්. සිසිර සේනාරත්න මහතා යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මහියංගන වියානා ඇල ආසන්නයේදී පැහැරගෙන ගොස් දඹානේ මහ වනාන්තරයක දමාගොස් ඇත.
15 දා රාත‍්‍රී 9.00ට පමණ සුදු වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුගේ මුහුණට කිසියම් රසායනික දියරයක් ඉස සිහිනැති කර මෙම පැහැරගැනීම සිදුකර ඇත.
පසුදා උදේ 8.00ට පමණ පියවි තත්වයට පැමිණි පසු මහ වනාන්තරයෙන් නික්මී මහියංගන මහඔය ප‍්‍රධාන මාර්ගයට පිවිස තිබේ. මේ සිද්ධිය පිළිබඳව පැමිණිලි අංක ජීසීටීබී174/193 මහියංගන පොලීසියට පැමිණිලිකර ඇත. මේ වන තුරු සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර ජවිපෙ සාමාජිකයා ගමන්ගත් යතුරුපැදියද සොයාගෙන නැත.
5









