ජනධිපති පුත් නාමල් රාජපක්‍ෂ මහතා නීතිඥයෙකු ලෙස දිවුරුම්දීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් කොළඹදී පවත්වන කාල්ටන් මෝටර් ක්‍රොස් ධාවනයට මාර්ග ගණනාවක් වසා දැමීමෙන් වාහන රියදුරන් ඇතුළු මහජනයා දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. මෙම මෝටර් රථ ධාවන සංදර්ශනය අද සහ හෙට පැවැත්වේ.
නීතිඥ නාමල් රාජපක්‍ෂ නීති උපාධි ප‍්‍රශ්නපත‍්‍ර වලට පිළිතුරු ලියූවේ ඔහු වෙනුවෙන් වෙන්කරන ලද විශේෂිත කුටියකදීය. එම කුටියට අන්තර්ජාල පහසුකම් සපයා තිබින. සාමාන්‍ය විභාග නීතා රීති අල්ලංඝණය කරමින් සිදු කරන ලද මෙම ක‍්‍රියාවට විරුද්ධව නීති ශිෂ්‍යයෙකු විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කළේය. මරණිය තර්ජන මැද ඔහු පෙත්සමේ කටයුතු ඉදිරියටම කරටගන ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගෙන පසුව ඉවත දැමීය.
ඉන් අනතුරුව ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් ගොනුකර තිබූ අභියායචනයක් විභාග කර තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතවූයේ පසුගිය 14 වෙනිදාටය. එහෙත් නාමල් රාජපක්‍ෂ මහතා නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමට අවශ්‍ය පූර්ව කටයුතු සූදානම් කිරීම වෙනුවෙන් එම තීන්දුව ප‍්‍රකාශකිරීම අදට (16) කල් තබන ලදී.
රාජපක්‍ෂ ආණ්ඩුවේ බලය මෙලෙස අත්නෝමතික ලෙස යොදා ගනිමින් ක‍්‍රියාකරන්නේ නාමල් රාජපක්‍ෂ මහතාම රාජ්‍ය මාධ්‍ය ආයතන රාජපක්‍ෂ පවුලේ බූදලයක් නොවන බව පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශකර තිබියදීය.










