ගඩාෆිගේ දියනිය සිය පියාගේ හා සොහොයුරාගේ මරණයන් පිළිබඳව විමර්ෂණය ඉල්ලයි

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දියනිය විසින් ඉකුත්  ඔක්තොම්බර් මාසයේදී මියගිය සිය පියාගේ හා සොහොයුරාගේ මරණයන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස එක්සත් ජාතීන්ගේ යුධ අපරාද පළිබඳ කි‍්‍රයාකරන්නට දන්වා ඇත.

ලිබියාවේ සිවිල් යුද්ධයේදී මියගිය ගඩාෆිගේ හා ඔහුගේ පුත් මුවාසිම්ගේ මරණ පිළිබඳව විමර්ශන සිදුකිරීමට අවශ්‍ය පියවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ගෙන තිබේද යන්න ගැන අයිෂා ගඩාෆිගේ නීතීඥයා ලපියක් මගින් ප‍්‍රශ්න කර තිබේ. මේ දෙදෙනාම පණපිටින් අත්අඩංගුවට ගැණීමෙන් පසුව ඔවුන්ව ඉතා කුරිරු ලෙස ඝාතනය කර ඇත. මේ යුද අපරාධය සම්බන්ධයෙන් ජාත්‍යන්නර අපරාධ අධිකරනය මේ වන විට විමර්ශනය සිදු නොකරන්නේ නම් එය ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව සිදුවන බව තහවුරු කිරීමට කරුණු දැක්විය හැකිද යන්න එහිදී ඔහු අසා තිබේ. මේ ලිපිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවම ප‍්‍රතිචාර දක්වා නොමැත.

වසර 42කට ආසන්න කාලයක් ලිබියාවේ පාලනය ගෙනගිය ගඩෆි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ අගෝස්තු මාසයේදී බලයෙන් පහකෙරිණි. පසුව ඔක්තෝබර් මාසයේදී ලිබියාවේ සර්ටේ නගරයේදී අල්ලාගත් ඔහු ඝාතනය කෙරිණි. ගඩාෆි විරෝධීන් හා ඔහුට පක්ෂපාතී පිරිස්  අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී ඔහු මිය ගිය බව ලිබියානු අන්තර්වාර රජය කියයි. මෙහිදී ගඩාෆිගේ පුත් මුටාසිම්ද ඝාතනයට ලක්ව ඇත.

ලිබියායව තුළ ගඩාෆිගේ පාලනය බිඳවැටීමත් සමග අගෝස්තු මාසයේදී ගඩාෆිගේ දියණිය අයිෂා පවුලේ සමාජිකයන් කිහිපදෙනෙකු සමග ඇල්ජීරියාවට ගොස් ඇත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්