රාජපක්ෂ අනින් එළවළු කූඩ නියෝගය ඉවතට!

අද මධ්‍යමරාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එළවළු ප්‍රවාහණය සදහා ආරක්ෂිත කූඩ භාවිතා කිරීමේ අනිවාර්ය නියෝගය දින නියමයක් නොමැතිව කල් දැමීම කෙරෙහි ආණ්ඩුවේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බව අනාවරණය වේ. 

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන්කරන ආකාරයට මෙම නියෝගය ජනාධිපතිවරයා ‍හෝ ආර්ථික සංවර්ධන ඇමති වරයා විසින් නිකුත් කරනු ඇතැයි හෙළිවේ. අද දිනය තුළ රටපුරාම එළවළු සම්බන්ධයෙන් පැවති බරපතල තත්වය සලකා බලා මෙම ක්ෂණික පියවර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇත.

සමූපකාර හා අභ්‍යන්තර වෙළදකටයුතු ඇමතිවරයා පැවසුයේ මොනම තත්වයක් යටතේ වත් ආරක්ෂිත කූඩ අනිවාර්ය කිරීමේ නියෝගය අවලංගු නොකරන බවය. මේ අතර ජේෂ්ඨ අමාත්‍ය එස්.බී නාවින්න ගොවියන් හමුවේ ප්‍රකාශකර ඇත්තේ ආණ්ඩුවේ මෙම තීරණය මෝඩ තකතීරු තීරණයක් බවය. මෙම ඇමතිවරු දෙදෙනාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සිට රාජපක්ෂ ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරයෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්