පැපොල් ගෙඩි 8ට රුපියල් 8000/- දඩ ගහන ආණ්ඩුවක් – ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති.

ආණ්ඩුව හීනෙන් බයවෙලා අවදිඋනාවගේ ඊයේ රෑ ඉඳල එළවළු පළතුරු ප‍්‍රවාහනය කූඩවලට අනිවාර්ය කර තිබෙනවා. පැපොල් ගෙඩි අටක් ලොරියෙ උඩ තියාගෙන ආව කියල රුපියල් 8000/-ක් දඩගහල. ආණ්ඩුවට ආදායම් පෙන්වන්න  ඕන නම් වෙන මාර්ග හොයාගන්න. ගොවි ජනතාව, ප‍්‍රවාහන ව්‍යාපාරිකයන්, වෙලඳුන් වගේම පාරිභෝගිකයන් යන සියළු දෙනාම අමාරුවේ දාන්නඑපා කියල අපි ආණ්ඩුවට බලකරනවා. යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඊයේ රාත‍්‍රී 12.00 සිට එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටීක් කූඩා අනිවාර්ය කිරීමෙන් දැඩි අසීරුතාවකට පත් ලොරි රියදුරන් හමුවීමට ගිය අවස්ථාවේදී ජනමාධ්‍යයට අදස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

මෙහිදී ලොරි රථ රියදුරන් මන්ත‍්‍රීවරයාට තම ප‍්‍රශ්න පෙන්වා දෙමින් පැවසූවේ ලොරියේ වහලය උඩ පැපොල් ගෙඩි 08ක් තබාගෙන පැමිණීම නිසා රුපියල් 8000% දඩයක් අධිකරණයෙන් නියමකළ බවය. මෙහිදී මන්ත‍්‍රීවරයා වැඩිදරටත් ප‍්‍රකාෂකලේ ඉන්දන මිල ඉහල දැමීම නිසා දැඩි පීඩාවට පත්වී සිටින ගොවියන්, ලොරිහිමියන්, ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගියන්ද දැඩි පීඩණයකට පත්ව සිටින අවස්ථාවක ආණ්ඩුව කිසිම සැලැස්මක් ඉදිරිපත් නොකර එලවළු කූඩ භාවිතය අනිවාර්ය කිරීම නිසා දැඩි අසීරුවට පත්ව ඇති බවත් අපි වවමු රට නගමු යනුවෙන් කීවද ප‍්‍රායෝගිකව දේශීය ව්‍යාපාරිකයන් හා නිෂ්පාදකයන් සියළුදෙනා බරපතල බිඳවැටීමකට ලක්කර ඇතිබවත්ය. ප‍්‍රවාහනයේදී ආරක්ෂිත ඇසුරුම් ක‍්‍රම අවශ්‍ය බව තමන් පිළිගන්නා අතර එයට ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් සැකසීමට ආණ්ඩුවට බලකරන්නේයැයි කීය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්