බිරිඳට දුන් සංගීතය හරි නැතැයි සැමියා යකා නටයි

පසුගිය 29 වන දින මඟුල් ගෙදරක සංගීත කණ්ඩායම සමග ගීතයක් ගායනා කළ තම බිරිඳට පසුබිම් සංගීතය නිවැරදිව සැපයූවේ නැතැයි ඇයගේ සැමියා විසින් අදාළ සංගීත කණ්ඩායමේ වාදක පිරිසට පහරදී වාදක භාණ්ඩවලටද හානිකර ඇතැයි වාර්තා වේ.

විවාහ උත්සවයේ ආරාධිතයන් ලෙස අදාළ යුවල සම්බන්ධවී ඇති අතර පහරදීම සිදුකළ පුද්ගලයා බීමතින් සිටි බවද පැවැසේ.

වැලිගම, අකුරුගොඩ පැවැති එම මංගල උත්සවයට අදාළ සංගීත කණ්ඩායම දික්වැල්ල ප්‍රදේශයේ සිට හිතවතෙකු මාර්ගයෙන් සම්බන්ධවී ඇත්තේ කිසිදු අයකිරීමකින් තොරව බවද සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn