මෙරට ශ‍්‍රමිකයන් සිටිය දී කම්කරුවන් ලක්‍ෂ 3ක් ගෙනැවිත්

මෙරට ශ‍්‍රමිකයන් සිටිය දී කම්කරුවන් ලක්‍ෂ 3ක් ගෙනැවිත්

මෙරට ඉදි කිරීම් කර්මාන්තය සඳහා විදේශීය කම්කරුවන් ලක්‍ෂ තුනක පමණ පිරිසක් පිටරටින් රැගෙන විත් සිටින බවට තොරතුරු විවිධ විද්වතුන් විසින් තහවුරු කරගෙන තිබේ.

මෙම කම්කරුවන් චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය වැනි රටවලින් පවා ගෙන්වාගෙන තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත.

මේ අතර පසුගිය 2017 ජුනි 01 වැනි දින පැවැති උත්සවයක දී ජනාධිපතිවරයා ද ප‍්‍රකාශ කර ඇත්තේ, මෙරට ඉදි කිරීම් ක්ෂේත‍්‍රයේ විදේශීය ශ‍්‍රමිකයන් ලක්‍ෂ තුනක් පමණ සිටින බව ය.

මෙරට රැකියා විරහිත තරුණ තරුණියන් අති විශාල පිරිසක් සිටිය දී සහ එම ප‍්‍රමාණය වේගයෙන් ඉහළ යමින් තිබිය දී විදේශීය ශ‍්‍රමිකයන් ගෙන්වා ගැනීම බරපතළ ම ප‍්‍රශ්නයක් වී තිබේ. 2016 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි කර ඇත්තේ මෙරට වයස අවුරුදු 15 සහ 24 වයස් කාණ්ඩයේ රැකියා විරහිත තරුණ පිරිස 21.6%ක් පමණ වන බව ය.

මෙම සංඛ්‍යාව දළ වශයෙන් ලක්‍ෂ 18ක් පමණ වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්