පසුගිය 09 වනදා සිට අද පෙරවරු 06.00 දක්වා වූ කාලය තුළ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද නීති කැඩීම ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 167 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 55ක් වාර්තා වී ඇති අතර ඊට අදාලව අපේක්ෂකයින් 10 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මැතිවරණ පැමිණිලි 119කට අදාලව අපේක්ෂකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
ඊයේ (13) දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ පැමිණිලි 13කට අදාලව පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Views: 0









