ජනපතිගේ ස්ථාවරය සමග අපි එකඟ නැහැ – SAITM අහෝසි කළ යුතුයි

ජනපතිගේ ස්ථාවරය සමග අපි එකඟ නැහැ – SAITM අහෝසි කළ යුතුයි

ඊයේ (25) දින රජයේ ප්‍රවෘත්ති නිවේදනයක් ලෙස ජනාධිපති ලේකම්ගේ අත්සනින් නිකුත් කල ප්‍රකාශය අනුව එය සයිටම් ආයතනය නීතිගත කර පවත්වාගෙන යාමේ උත්සාහයක් බවත් එම විසදුම් සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කරන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

සයිටම් වෛද්‍ය උපාධ් විකුණන ආයතනය අහෝසි කිරීමෙන් තොර විසදුමක් නොමැති බවත් 2011 අගෝ මස 30 හා 2013 සැප්තැම්බර් මස 26 නිකුත් කරන ලද සයිටම් ආයතනයට උපාධ්‍ ප්‍රධානය කරන බලය ලබා දුන් ගැසට් පත්‍රය වහා අහෝසි කළ යුතු බවත් සයිටම් ආයතනය පිලිබදව 2015 සැප්තැම්බර් 04 දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ යෝජනාව ඇමතිවරයා පිළිගෙන සයිටම් ආයතනය අහෝසිකල යුතු බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්‍ත බණ්ඩාරෙ මහතා අවධාරනය කර සිටයේ ය.

ආණ්ඩුවේ ශිෂ්‍ය මර්ධනය හෙලා දකින අතර අත්තඩංගුවට ගත් ශිෂ්‍යයන් වහා නිදහස් කළ යුතු බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

තවද නව දැක්මකින් යුතුව සයිටම් වෛද්‍ය උපාධිය විකුනන ආයතනයට එරෙහි අරගලයට සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවද ඒ මහතා අවධාරණය කලේය.

මෙම අවස්ථාව වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතාද සහභාගීවී සිටියහ.

Facebook
Twitter
LinkedIn