නාමල්ගේ ඔස්ට්‍රේලියාවේ සහ අමෙරිකාවේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ප්‍රමාදයි

නාමල්ගේ ඔස්ට්‍රේලියාවේ සහ අමෙරිකාවේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ප්‍රමාදයි

විශ්‍රාමික ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා නමින් ඔස්ට්‍රේලියාවේ සහ අමෙරිකාවේ බැංකු ආයතන කිහිපයක පවත්වාගෙන යන ගිණුම්වල තැන්පත් කර ඇති මුදල්  පිළිබඳ වාර්තා තානාපති අංශ හරහා නිල ලෙස කැඳවා තිබුණද මේ දක්වා එම වාර්තා නොලැබුණු බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඉදිරියේ දැනුම් දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සේවා සැපයීම සිදුකළ සමාගමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි පරීක්ෂණවලට අදාළ නඩුව අද කැඳවූ වස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ බව දන්වා තිබේ.

ඒ අනුව අදාළ පරීක්ෂණ අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට දින ලබාදෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය ලබන නොවැම්බර් මස 11 වන දින විමර්ශන පිළිබඳ ප්‍රගතිය වාර්තා කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn