“අධ්‍යාපන අමාත්‍යංශය පරිවේණාචාර්යවරුන් සාපරාධී බියවැද්දීමට ලක් කරනවා” – වකමුල්ලේ උදිත හිමි

“අධ්‍යාපන අමාත්‍යංශය පරිවේණාචාර්යවරුන් සාපරාධී බියවැද්දීමට ලක් කරනවා” – වකමුල්ලේ උදිත හිමි

“නව නිර්දේශිත 1-5 විෂය මාලාව හඳුන්වාදීමේ තෙදින වැඩමුළුව උතුරුමැද පළාත” මාතෘකාව යටතේ එකී පළාතේ පිරිවෙන් ගුරුවරුන් වෙත 2017.06.12 දිනැතිව අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ අධ්‍යක්‍ෂවරයාගේ අනුදැනීමෙන් එම ඒකකයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ මාවතවැවේ රතනවංශ ස්වාමීන් වහන්සේගේ අත්සනින් ලිපියක් යවමින් “වැඩමුළුවට සහභාගි නොවන පරිවේණාචාර්යවරුන්ගේ වැටුප් නතර කොට වෙනත් දිස්ත්‍රික්කයක එම විෂය සඳහා පුහුණුව ලැබීමෙන් පසුව පමණක් නැවත ලබා දීමට කටයුතු කරනු ඇත. නොඑසේ නම් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව විශේෂයෙන් දන්වමි” යනුවෙන් සඳහන් කරමින් පරිවේණාචාර්යවරුන් සාපරාධී බියවැද්දීමකට ලක් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් ලංකා පිිරිවෙන් ගුරුසේවා සංගමයේ සභාපත් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn