අද ඇරඹි වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට

අද ඇරඹි වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට

වෛද්‍ය උපාධිය මුදලට විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඊයේ (21) පැවති සිසු විරෝධතාවය අතරතුර එම සිසුන් සෞඛ්‍ය අමාත්‍යාවරයා හමුවීම සඳඟහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිය අවස්ථාවේ පොලීසිය, කැරලි මර්ධන පොලීසිය සහ පොලිස් විශේෂකාර්ය බලකාය යොදවා සිදු කළ පහරදීමට එරෙහිව ආරම්භ අද (22) පෙරවරු 8.00 ආරම්භ කළ වෛදය වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට පත්වාගෙන යාම සඳහා අද දහවල් රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වර්ජනය අඛණ්ඩවම සිදුවන බවත් එය නතර කිරීම පිළිබඳව පවතින තත්වය සලකා බලා පසුව තීරණය කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

මේ අතර අද වැඩවර්ජනයේ නිතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛදය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ පැවති විරෝධතාවය අතරතුර සිසුන්ට එල්ල කළ ම්ලේච්ච පොලිස් ප්‍රහාරයට එරෙහිව අද පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය ඉදිරියටත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා පත්වාගෙන යාමට තම සංගමද තීරණය කළ බව ය.

කෙසේවෙතත් වැඩවර්ජනය ක්‍රියාත්මකවන කාලය තුළ සියලු රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සියලු ඩෙංගු ප්‍රතිකාර කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව වැඩ වර්ජනයේ නිරත වෛද්‍ය සංගම් නායකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn