z-score උත්ඝෝෂණයට පහරදුන්නේ නිල්බලකායේ මූර්ති

“Z” ගය නැවත නිකුත් කිරීමත් සමග අසාධාරණයට ලක්වූ සිසු සිසුවියන් විසින් අද (28) වලස්මුල් නගරයේදී පවත්වන ලද උද්ඝෝෂණයට කඩාපැන එහි උද්ඝෝෂණයේ නිරතවූවන්ට තර්ජනයකර පහරදී ඇත්තේ නිල්බලකායේ මූර්ති නම් පුද්ගලයා ඇතුළු 8දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් විසින් බව වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ ඇති එම මැර පිරිස මෙහෙයවා ඇත්තේ මූර්ති නම් පුද්ගලයා විසින් වන අතර ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු බවත් වාර්තාවේ.

මෙම උද්ඝෝෂණය සඳහා විශාල සිසු සිසුවියන් පිරිසක් පැමිණ ඇති අතර එයට සහය පළකරමින් පැමිණි සරසවි සිසුවෙකුද ප්‍රහාරයට ලකව ඇතැයි වාර්තාවේ.

ආශ්‍රිත පුවත්

z-score උද්ඝෝෂණයට නිල්බලකාය කඩාපනී

Facebook
Twitter
LinkedIn