ජවිපෙ මැයි රැලියට සියල්ල සූදානම් – පෙලපාලිය ඇරඹේ

ජවිපෙ මැයි රැලියට සියල්ල සූදානම් – පෙලපාලිය ඇරඹේ

අදට (01) යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමෙත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන මැයි රැලිය ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර ඇති අතර මේ වනවිට පෙළපාලිය ආරම්භ වී තිබේ.

මේ වනවිටත් ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරු ඇතුළු ජවිපෙ නායකයින්, සමාජිකයින් පෙරටුකරගෙන පෙලපාලිය දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී තිබේ.

ජවිපෙ මැයි රැලිය සඳහා සුභපැතුම් රැගෙන පැමිණි කියුබාව, ග්‍රීසිය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක කොම්යුනිස්ට් පක්ෂ හා වමේ සංවිධාන නියෝජිතයින්ද එම පෙලපාලියට එක් වී සිටිති.

රැලිය ආරම්භයේ සිට jvpsrilanka.com සජීව විකාශය සිදු කිරීමටද නියමිතය

Image may contain: 19 people, people smiling, text

Facebook
Twitter
LinkedIn