මැයි 01ට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙවර යාපනයේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ මැයි රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.
එහි පෙලපාලිය අද (30) පස්වරු 1.00ට යාපනය දුම්රියපොළ අසලින් ආරම්භ වූ අතර රැලිය යාපනය මුට‍්‍රවෙලි පිටියේදී පස්වරු 03.00 ආරම්භ විය.
“ජාතික සමගිය හා සමානාත්මතාවය සඳහා සමාජවාදය” යන තේමාවෙන් පැවැත්වෙන මෙම මැයි පෙලපාලිය සහ රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජවිපෙ යාපනය දිස්ත්‍රික් සංවිධායක රාමලින්ගම් චන්ද්‍රසේගර්, සාහිත්‍යවේදී ඇන්තනී ජීවා, රංගන ශිල්පිණී දීපානි සිල්වා, ඉන්දියාවේ හිටපු කියාබානු තානාපති සහ කියුබානු රජයේ ජාත්‍යන්ර අංශයේ ප්‍රධානියෙකු වන රෆායල් සූසා, මහා බ්‍රිතාන්‍යයේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ චම්මී ඊබ්‍රාහිම්, සමස්ත ඉන්දියානු පෙරටුගාමී පක්ෂයේ කේරල ප්‍රාන්ත කමිටුවේ ලේකම් සහ එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වී. රාම් මොහාන් මහතා සහ එහි මධ්‍යම කමිටුවේ ලේකම්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ භාර ප්‍රධානී පී. දේවරාජන් යන මහත්වරු එක් වූ අතර යාපනයේ ධීවර සංවිධාන, ගොවි සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.
මැයි පෙලපාලියේ අවස්ථා පහතින් පල වේ.
































