ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාට වෙඩි තැබූ බවට සැකකරන කළු අජිත් ඇතුළු දෙදෙනෙක් පොලිසිය මගින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් දෙදෙනා පැය 24ක් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් රාජිකා සිල්වා මහත්මිය නියෝග කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර එම වෙඩි තැබීමට දේශපාලඥයෙකුගේ සම්බන්ධයක් ඇතැයි පසුගියදා පුවත් පල විය.
Views: 0










