මාසයක ණය ගැනීම කෝටි 15,000 යි

පසුගිය අප්‍රේල් මාසයේදී රජය රුපියල් කෝටි 15,000 ක ණය ලබාගෙන ඇති බව හෙළිවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ජූලි 13 වෙනි දින නිකුත් කළ පුවත්පත් නිවේදනයක මේ බව සඳහන් වේ.

ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේ වනවිට විශාල ණය උගුලක සිරවී ඇති බවයි. ඉතාම අහිතකර කොන්දේසි යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නිකුත් කළ ඩොලර් මිලියන 423 ක ණය මුදලද මේ වනවිට ලබාගෙන ඇත. ඉදිරි මාස දෙක තුළ දී තවත් ඩොලර් මිලියන 1000 ක ණය මුදලක් ලබාගැනීමට නියමිත අතර එයින් විශාල ප්‍රමාණය වෙන් වන්නේ ණය වාරික හා පොලිය ගෙවීමටය. මෙවැනි තත්වයක් තුළ එක් මාසයක දී කෝටි 15,000 ක ණය ලබාගැනීම ඉතා බරපතල අනතුරු ඇඟවීමක් බව ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි.

Facebook
Twitter
LinkedIn