සබරගමුව පළාත් සභාවට තරඟවදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක කටවුට්වලට ගිනි තබා ඇතැයි වාර්තාවේ.
කුරුවිට හා රත්නපුර මාර්ගය දෙපස ප‍්‍රදර්ශනය කර තිබූ තම කටවුට් සියයක් පමණ ගිනි තබා විනාශකර ඇතැයි සබරගමු පළාත් සභාවේ හිටපු සභාපති රංජිත් බණ්ඩාර මහතා සහ සන්ධානයේ රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක අතුල කුමාර රාහුබද්ධ මහතාගේ කටවුට් මෙසේ විනාශකර ඇත.
මෙම කටවුට් විනාශ කිරීම සන්ධානයේ පිරිසකගේම ක‍්‍රියාවකැයි සන්ධාන අපේක්ෂකයෝ ප්‍රසිද්ධියේ චෝදනා කරමින් සිටිති.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ දේශපාලන විචාරකයන් පවැසූවේ මැතිවරණ නීතිය අනුව කටවුට් ප‍්‍රදර්ශනය නීති විරෝධී වන අතර මනාප අංක හෝ ලැබී නැති තත්වයක මෙවැනි ක්‍රියා සිදුවීම තුළින් පෙන්නුම් කරන්නේ මෙම මැතිවරණය ඉදිරියේදී ඉතා බිහිසුණු එකක් වනු ඇති බවයි.
Views: 0









