සබරගමුව පළාත් සභාවේ මහඇමති ධූරය තමාට ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇතැයි මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී කාංචන ජයරත්න ප්‍රකාශ කරමින් සිටී. පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න මහතා මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පළාත් සභාව සඳහා තරගවදී.
මෙයට ප්‍රතිචාරයක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කය පුරා හිටපු මහඇමති මහීපාල හේරත්ගේ කටවුට්වල ජනාධිපතිවරයාගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත. නමුත් මහීපාල හේරත් මහතා සබරගමුව පළාත් සභාව සඳහා තරග කරන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි.
Views: 0









