ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් රජයේ ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වනතුරුත් එම ඉල්ලා අස්වීම ඉතා රහසිගතව තබාගැනීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ලේක්හවුස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ආයතනය මේ වනවිට මුහුණපා සිටින දැඩි මූල්‍ය අර්බුදය මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවය. ‘‘ණයවලට කරගහන්න මට බැහැ“ යැයි මූල්‍ය අධ්‍යක්ෂවරයා තම හිතවතුනට පවසා ඇත.

Facebook
Twitter
LinkedIn