සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ රුසියා ජනාධිපති අතර පැවති දුරකථන සාකච්ඡාව අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
සිරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡා ආරම්භ විය. නායකයන් දෙදෙනා වෙනස් මත දැරීම නිසා එකඟතාවයකින් තොරව සාකච්ඡාව අවසන් වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන්කරයි.
සිරියානු ආරක්ෂක මූලස්ථානයේ රැස්වීමක් අතරතුර පුපුරාගිය බෝම්බයක් හේතුවෙන් ජනාධිපති අසාද්ගේ මස්සිනා වන අසෆ් ෂව්කට්, ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ඩාවුඩ් රාජිහා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් හසන් ටුර්කොමානි මිය ගිය අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හා ජාතික ආරක්ෂක කාර්යංශයේ ප්‍රධානියා තුවාල ලැබූ බව වාර්තා විය.
Views: 0








