දෙවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති

දෙවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති

අමරපුර මහ සංඝ සභාවේ මහානායක දෙවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ අද (03) අලුයම අපවත් වී තිබේ.

බදුල්ලේ දෙවුල්දෙනදී 1915 දෙසැම්බර් 31 වැනි දා උපත ලද උන්වහන්සේ 1928 මාර්තු 8 වැනි දා පැවිදි දිවියට පත්වී ඇති අතර උන්වහන්සේ 2002 වසරේ දී අමරපුර නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත් වී ඇත.

භාෂා විශාරදයෙකු වන උන්වහන්සේගේ ඉමහත් ශාසනික සේවාව අගයා මේ වසර ආරම්භයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නයෙන් උපහාර උළෙලක්ද පැවැත්විණි.

ඥානිස්සර හිමියන් අපවත්වන විට 101 වන වියේ පසුවූ අතර ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

Facebook
Twitter
LinkedIn