ඉන්දීය ඛණිජ තෙල් සමාගම විසින් මේ වන විට ත්‍රීකුණාමලයේ පිහිටි රජයට අයත් සියලුම තෙල් ටැංකි පරිහරණය කිරීමට පියවර ගෙන ඇති බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා පවසයි. ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේ මේ වන විට නෞකාවලට තෙල් සැපයීම සඳහා ද අවශ්‍ය නල එළීමේ කටයුතු මේ වන විට ඉන්දීය තෙල් සමාගම විසින් සිදු කරමින් සිටින බවයි.
මේ සඳහා රජයේ පාර්ශවයෙන් අනුමැතිය ලබාදී ඇති අතර දැවි තෙල් ගබඩා කිරීම සඳහා ද මෙම සමාගම කටයුතු කරමින් සිටින බව ඒ මහතා කියා සිටියේය.
ඉන්දීය ඛණිජ තෙල් සමාගම මෙම කටයුතු නීති විරෝධී බවට නීතිපතිවරයා සහ අමාත්‍යවරයා පිළිගෙන තිබියදී අදාළ කටයුතු නතර කිරීමට බලධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම කණගාටුදායක තත්ත්වයක් බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුකරු ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේය.
0










