ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තබාගැනීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එස් රණවක මහත්මිය අද (21) නියෝග කර තිබේ.
ඔවුන් 09දෙනාට රුපියල් 50,000 බැගින් මුදල් ඇපද රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇපද නියම කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රද තහනම් කර ඇත.
නඩු විභාගය ජනවාරි 10 සහ 11 යන දෙදින පැවැත්වීමට නියමිතය.
Views: 0









