ආච්චියි, මුණුබුරයි අධිකරණ නියෝග මගහරියි

විශ්‍රාමික ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත්ව තිබියදි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සොයාගත් දෙහිවල මිහිදු මාවතේ අංක 173/2 ස්ථානයෙහි පිහිටි ඉඩම සම්බන්ධයෙන් ගල්කිස්ස අධිරකණයෙන් දුන් නියෝගය අනුව එහි මැනුම් කටයුතු සිදු කිරිමට ඊයේ (20) එහි ගිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට සහාය ලබා දීමට එහි වගඋත්තරකරුවන් වන යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය වන 84 හැවිරිදි ඩේසි ෆොරස්ට් මහත්මිය (ඩේසි ආච්චි) හා යෝෂිත රාජපක්ෂ කටයුතු නැතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් මිනුම් කටයුතු සඳහා සහභාගී වූ රජයේ මිනින්දෝරු අධිකාරි එන්.එම්. හෙට්ටිආරච්චි මහත්මිය සහ රජයේ මිනින්දෝරු ඒ.එම්.ඩබ්ලිව්.වයි.පී.කේ. මාරලන්ද මහත්මිය සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නියෝජනය කරමින් පොලිස් පරික්ෂක සි.ඒ.පී. වීරරත්න මහත්වරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

මෙම ඉඩම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වන යෝෂිත රාජපක්ෂව හා ඔහුගේ මිත්තනියව රක්ෂිත බන්ධනාගාර නොකර ඇප ලබාදීමේදී එක් ඇප කොන්දේසියක් වන අදාළ පරීක්ෂණ සඳහා සහාය ලබාදීම යන්නත් මෙම ඉඩම සහිත නිවස අද දින මැනුම් කටයුතු කිරිමට ගල්කිස්ස අධිකරණය පසුගිය 15වනදා කරණු ලැබූ නියෝගයත් මේ අනුව කඩ කර තිබේ. 

යම් වගඋත්තරකරුවෙක් ඇප කොන්දේසියක් කඩ කිරීම හෝ අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම බරපතල වරදක් වන අතර පවකින නීති ප්‍රතිපාදන අනුව ඔවුන්ගේ සියලුම ඇප කොන්දේසි අහෝසි කර රක්ෂිත බන්ධානාගර ගත කිරීමටද අධිකරණයට පියවර ගත හැක.

ආශ්‍රිත පුවත්

ශිරන්තිගේ නිවසක් FCIDයේ පරීක්ෂාවට

යෝෂිතගේ නමට ඇති භූගත මන්ධිරයක් ගැන සියල්ල හෙළි වෙයි

ඩේසි ආච්චි අදත් FCIDයේ

යෝෂිතගේ ඉඩම් විමර්ශනයට ඩේසි ආච්චිට නොතීසි

Facebook
Twitter
LinkedIn