ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති රට තුළ අර්බුද රැසක් නිර්මාණය කිරීමට බල පා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (17) යාපනයේ පැවති “රටේ අනාගතය හා වමේ කාර්යභාර්ය” සම්මන්ත්‍රණයේදී පැවසී ය.
තරුණ තරුණියන්ට රට හැර යාමට සිදුවීමෙන් තමන්ගේ වගාවන්ගෙන් තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමට නොහැකිනම්, ජනතාවට යහපත් සෞඛ්‍ය සේවයක් නොලැබෙන්නේ නම් එයින් පැහැදිවන්නේ මෙතෙක් හදපු ආණ්ඩුත් මේ වනවිට හැදී ඇති ආණ්ඩුවත් රටේ ජනතාවට මිනිස්සුන්ට සලකන ආකාරයට සලකා නැති බවත් යැයිද අනුර දිසානායක මහතා එහිදී පැවසීය.
එම අවස්ථාවට ජවිපෙ මධ්‍යමකාරක සභික රාමලින්ගම් චන්ද්‍රසේගර් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.







Views: 0









