කිලිනොච්චියේ කඩ 100ක් ගිණිබත්

කිලිනොච්චි නගරයේ පොදු වෙළඳපලේ පිහිටි වෙළදසැල් 100 ආසන්න සංඛ්‍යාවක් ඒවායේ තිබූ සියලු බඩු භාණ්ඩද සමග සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශව ඇත.

ගින්න ඇතිවූ අවස්ථාවේදීම කිලිනොච්චිය ප‍්‍රාදේශීය සභා ගිනි නිවීම් ඒකකය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබේ.

ඊයේ (16) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර කිසිවෙකුටවත් කිසිඳු හානියක් සිදුව නැත. 

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බව පොලිසිය පවසයි.

0610050809101216 (1)

Facebook
Twitter
LinkedIn