ජනාධිපති මෛත්රීපාල සිරිසේම මහතා රැගෙන ගමන්ගත් හෙලිකොප්ටරය වැල්ලවත්ත ප්රදේශයේදී රූපගත කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඊයේ (16) පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරයා සමග මෙම හේලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්ර බලකා මූලස්ථාන පිටියට බස්සවද්දී ලොරියක සිට මෙම තරුණයා එය රූපගත කර ඇත.
මොහු දිඳුල ප්රදේශයේ පදිංචි කරුවෙකු වන බවත් ලොරි රථ රියදුරෙකු ලෙස රැකියාව කරන බවත් රැකියාව සඳහා වැල්ලවත්ත ප්රදේශයේ නතර වී සිටින බවත් මේ වනවිට අනාරවරණට වී ඇතැයි වාර්තා වේ.
තමන් මෙසේ රූපගත කළේ ආසාවට නිසා යැයි පොලීසිය සිදු කළ ප්රශ්න කිරීම්වලදී මොහු ප්රකාශ කර ඇති නමුත් ත්රස්ත විමර්ෂණ අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු ගැන පරීක්ෂන ආරම්භ කර තිබේ.
Views: 0









