ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සැලැස්මක් ඇතැයි වරාය, ජල, තෙල්, විදුලිය විකිණීමට එරෙහි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ඊයේ (15) සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ පව පැවසූ අතර එම වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය, ආයතන 6කට වෙන්කර පෞද්ගලීකරණය සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව ය.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් නිරන්තර විදුලි බිඳවැටීම්වලට මුහුණදීමට ජනතාවට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.



Views: 0









