ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පසුගිය 01 වැනි දින හිටපු නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ කැඳවා තිබුණත් ඔහු ඒ සඳහ සහභාගී නොමැති බව වාර්තා වේ.
හිටපු ඇමති වීරවංස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත දන්වා ඇත්තේ තමන්ට තුනටියේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් එදින ප්‍රකාශයක් ලබා දීමට පැමිණය නොහැකි බවයි. මීට පෙර අවස්ථා ගණනාවක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගහරිමින් සිටි හිටපු ඇමති වීරවංසගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ සොහොයුරා වන සරත් වීරවංස මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් වාහන අවභාවිත කරමින් රුපියල් ලක්‍ෂ එකසිය පහකට ආසන්න මුදලක් සඳහා සාපරාධී විශ්වාසය කඩ කළ බවටයි. පොදු දේපල පණත යටතේ ඔහුට විරුද්ධව පරීක්ෂණ දියත් වේ.









