ශ්‍රී ලංකාවේ මුදල් ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම වෙනුවෙන් යොදවා සිදු කරනු ලැබූ වංචාව පිළිබඳව වැදගත් තොරුතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බව වාර්තා වේ.
මීට පෙර වාර්තා වූ මුදල් ප්‍රමාණය ඉක්මවා මේ වනවිට හෙළිදරව් වී ඇත්තේ 2010 රාජපක්ෂ පාලන සමයේදී ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ග්‍රීක් බැඳුම්කර මිලදී ගැනීම වෙනුවෙන් යොදවා ඇති බවයි. එම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 7,700ක් පමණ වන බව වාර්තා වේ.
මෙම තොරතුරු සත්‍ය වන්නේ නම් මෙතරම් දැවැන්ත අලාභයක් සිදු කිරීමට සෘජුව සම්බන්ධ වූ රාජපක්ෂ පාලන සමයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
2010 වසරේදී ග්‍රීසියේ ආර්ථිකය අර්බුදයකට ලක්ව කඩා වැටෙමින් තිබියදී මෙලෙස දැවැන්ත මුදල් එරට බැඳුම්කර මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ තොරතුරු හෙළිදරව් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා එවකට පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විරෝධය පළකරමින් හෙළිදරව් කිරීමක් සිදු කළේය.









