“පර වැඩ එපා – ගුරුවරුන්ට ඉගැන්වීමට ඉඩ දෙනු!”

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පාලසලේ ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසන කාලයට වඩා වැඩි කාලයක් අධ්‍යාපන අමාත්‍යාශය මගින් ඉල්ලා තිබෙන වාර්තා සැකකසීමට යෙදවීමට සිදුව ඇති බැවින් ළමුන්ගේ අධ්‍යාපන කඩාකප්පල් වීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් කෑගල්ල දිස්ත්‍රිකයේ ගුරුවරුන් කෑගල්ල නගරයේ සිට පළාත් අධ්‍යාපන කාර්යාලට විරෝධතා පාගමනකින් ගොස් සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් අධ්‍යාපන බලධාරීන් වෙත ලබා දී තිබේ.

ජාතිකපාසල්වලට අන්තර්ග්‍රහණය කළ ගුරුවරුන්ට නව සේවා ව්‍යවස්ථාවට අදාළව වැටුප් අන්තර් ග්‍රහණය කර නැති බවත් ඔවුන්ගේ අළුත් වැටුප සහ හිග වැටුප් නොගෙවීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කැඳවන වාර්තා සම්පූර්ණ කිරීමට කාලය ගතකිරීම තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කඩාකප්පල් වීම මත දෙමාපියන් හමුවේ ගුරුවරුන් මුහුණ දෙන අපහසුතා නිසා පීඩනයට ලක්වීම සහ ස්ථාන මාරු ක්‍රමවත්කිරීම ඇතුළු තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන් සිය ඉල්ලීම් කර තිබේ. 

ලංකා ගුරුසේවා සංගමය විසින් මෙම විාරෝධතාවය සංවිධානය කර තිබිණ.

Facebook
Twitter
LinkedIn