ගාමිණී සෙනරත්ගේ මල්ලී නැව් ගිල්ලේ මෙහෙමයි

mmහිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ ඥාති සහෝදරයෙකු වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු වූ සංජය සෙනරත් මහතා අද (01) බරපතල මූල්‍ය වංචා විමර්ෂණය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත කැදවා තිබේ.

ඔහුගේ බිරිදට අයත් බව කියන  ‘S.S.S. Shipping’ සමාගම විසින් නැව් සංස්ථාවෙන් කුළියට ගත් ‘ශ්‍රී ලංකා මහපොල’ නැමති රජයට අයත් නෞකාව වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවීමෙන් වැලකී රුපියල් කෝටි 14 ක අලාභයක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.

සංජය සෙනරත් මහතා එම නැව කුලියට ලබා ගෙන ඇත්තේ ගාමිණී සෙනරත් මහතාගේ බලතල යොදා ගනිමිනි. එසේ බලතල අනිසි ආකාරයට යොදා ගනිමින් සංජය සෙනරත් මහතා මෙම කුලියට ගැනීම වෙනුවෙන් අයවිය යුතු කිසිම මුදලක් නැව් සංස්ථාවට ගෙවා නැත. එසේ සංජය සෙනරත් මහතා විසින්  කුලියට ගන්නා වූ එම නැව වෙනත් සමාගමකට පවරා ඇති අතර එම සමාගම විසින් කෙන්යාවේ මොම්බාසා වරායේ දී අතහැර දැමීම නිසා එම නැව ශ්‍රී ලංකාවට අහිමි වීමේ අහිමි වන තත්ත්වයක්ද නිර්මාණයවී තිබිණ.

2013 වසරේදී නැවේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුතු සිදු නොකිරීම නිසා එය ජාත්‍යන්තර නැව් ගමන් පිළිබඳ නීතිරීති වලට අනුව නැව මහ මුහුදේ යාත්‍රා කිරීමට අවශ්‍ය ප්‍රමිතිය නොමැති නිසා නැව වරායෙන් බැහැර කිරීමට ඉඩ දිය නොහැකි බව මොම්බාසා වරාය ශ්‍රී ලංකාවට දන්වා තිබේ.

මහපොල නෞකාව මෙම පුද්ගලයින් විසින් භාරගන්නා විටත් එය රජයට ප්‍රතිලාභ අත්කර දෙමින් පැවැති එකක් වන අතර ඒ පිළිබද 2011 වසරේ වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය කරුණු දක්වා තිබුණේ මෙසේය.

“සංස්ථාවට අයත් ‘ලංකා මුදිත’ හා ‘ලංකා මහපොල’ යන නැව් අවුරුදු 30 ක් පමණ පැරණි වුවද ජාත්‍යන්තර ප්‍රමිතීන් හා නීතිවලට අනුකූලව ඒවා හොදින් නඩත්තු කර කළමනාකරණය කරමින් ධාවනය කෙරේ” යනුවෙනි.

ලංකා නැව් සංස්ථාව තම නෞකා වන ‘ලංකා මහපොල’ හා ‘ලංකා මුදිත’ යන නැව් උපයෝගී කර ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ නාවික හා නාවික ඉංජිනේරු පාඨමාලා හදාරන ශිෂ්‍යයන් හට අත්‍යවශ්‍ය දිය මත ප්‍රායෝගික පුහුණුව කාලයක පටන් ලබාදේ. මේ සදහා විශ්ව විද්‍යාලයෙන් හෝ ශිෂ්‍යයන්ගෙන් කිසිම අය කිරීමක් නොකෙරේ. දැනට අප සතු නැව් 2න් එකක් ගාලු වරායෙහි නැංගුරම්ලා ඇති අතර අනෙක් නැව, නැව් කාර්යමණ්ඩලය රහිතව කුලියට දී ඇති බැවින් එම පුහුණු අවස්ථා වැඩිකර දීමට නාවුක පුහුණුව සදහාම තනන ලද නෞකාවක් සපයා ගත යුතුව තිබේ.

මෙම ගණුදෙනුවට අදාළව නෞකාව කුලියට ගනු ලැබූ  සංජය සෙනරත් මහතාගේ   ‘S.S.S. Shipping’ සමාගම පමණක් නොව එවක නැව් සංස්ථාවේ මුල් පුටු හෙබවූ නිලධාරීන්ද කොමිසම හමුවට කැදවීමේ අවශ්‍යතාවයක් පවතී, ඒ නැව් සංස්ථාවේ නැව් කුලියට දීම සම්බන්ධයෙන් නීතිමය වගකීම් දරන ලද ඔවුන් එය නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත්ව ඇති බැවිනි.

එහිදී නැව් සංස්ථාවට අදාළවන වගකීම මෙසේය.

නැව් කුලියට දීමේ හා ගැනීමේ අතරමැදි සේවා හා නැව් නියෝජිත සේවා පවත්වාගෙන යාම

සංස්ථාව විදේශ නැව් සමාගම්වල නැව්වලට කොළඹ වරායේ මෙහෙයවීම්වලදී දේශීය නියෝජිත සේවා සපයයි. තවද රජයට අයත් සී/ස ලංකා පොහොර සමාගමට හා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට පොහොර ගෙන එන නැව්වල මෙහෙයුම් කටයුතුවලදී එම ආයතනවල කොළඹ වරායේ නියෝජිත ලෙස කටයුතු කරයි.

තවද සංස්ථාවට අයත් ‘ලංකා මුදිත’ හා ‘ලංකා මහපොළ’ යන නැව් වෙනත් ආයතන හා සමාගම්වලට කුලියට දීමේදී එම නීතිමය ගණුදෙනු හා සාකච්ජා මෙම අංශය විසින් මෙහෙවයි. 

ලංකා ඊ වොයිස්

Facebook
Twitter
LinkedIn