තෙවරප්පෙරුමට එරෙහිව ගුරුවරු වීදි බසිති

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ළමුන් ඇතුළත් කිරීමේදී නියමිත ක්‍රියාපටිපාටියට යමින් නීතිවිරෝධී ලෙස ළමුන් 10 දෙනෙකු එම විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි විදුහල්පතිවරයාටත් ගුරුවරුන්ටත් විවිධ බලපෑම් කරමින් පරුෂ වචනයෙන් බැනවදිමින් කයුතු කිරීමට එරෙහිව එම විද්‍යාලයේ ගුරුවරුන් සහ මව්පියන් විරෝධතාවයක නිරත වී තිබේ.

අද පෙරවරුවේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට රැස්වූ ගුරුවරුන් සහ මව්පියන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

එම විරෝධතාවයට සහාය පළ කරමින් ලංකා ගුරුසේවා සංගමයද සහභාගී වූ බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

පාසලේ විදුහල්පතිවරයාටද පහර දී ඇති අතර ඒ හේතුවෙන් විදුහල්පතිවරයා සිහිසුන්ව ඇදවැටීමෙන් රෝහල් ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn