බස් ගාස්තු 15%කින් වැඩි නොකරන්නේ නම් අනිවාර්යයෙන්ම මෙම 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක යෙදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට නාරාහේන්පිට කාන්තා පර්යේෂණ පුහුණු කේන්ද්‍රයේ ඊයේ (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු ඒ බව පවසා ඇති අතර එසේම දැනට රුපියල් 8ක් වන අවම බස් ගාස්තුවද රුපියල් 10ක් වියයුතු බවද ඔහු එහිදී පවසා තිබේ.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුවසෑම වසරකම ජූලි මස පළමු වැනිදා සිට බස්ගාස්තු සංශෝධනය විය යුතු නමුත් මෙතෙක් රජය හෝ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව හෝ ඒ පිළිබඳ ස්ථිර තිරණයකට එළඹ නැති බවත්ඒ මහතා සඳහන් කර සිටී.
වසර 3කින් ගාස්තු වැඩිනොවිම, රියැදුරන්ට නව රියැදුරු බලපත්‍ර ක්‍රමවේදයක් නොමැතිවිම, අතිරික්ත බස් පිළිබඳ නොසැලකිම ආදි බස් කර්මාන්තයට බලපාන ගැටලු රැසක් පවතින බවද ඔහු එහිදී පවසා තිබේ.









